BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

  •  රුචිරා රණසිංහ

    'Transit visa' ප්‍රතික්ෂේප වීමෙන් කුක් දූපතේ සිරවී සිටින ශ්‍රී ලාංකික කත: 'මට පණපිටින් එන්නේ දෙන්නේ නැත්නම් බොඩි එක හරි ලංකාවට එවයි කියලා අක්කා කියනවා'

    මීට වසර නවයකට පෙර විදේශගත වූ 50 හැවිරිදි රුචිරා රණසිංහ මේ වන විට වසර තුනකට ආසන්න කාලයක් දකුණු පැසිෆික් සාගර කලාපයේ පිහිටි කුක් දූපතේ රැඳී සිටින්නේ ඇය මුහුණ දී ඇති වීසා ගැටලුවක් හේතුවෙන් බව ඇයගේ සහෝදරයා වන සමීර රණසිංහ පැවසීය. දැඩි මානසික පීඩනයකින් කුක් දූපතේ රැඳී සිටින රුචිරා බීබීසීය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, කුමන කොන්දේසියක් යටතේ හෝ තමන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන තමන්ට සහය වන ලෙස වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවය.

  • Illustration of the US Capitol with red and blue campaign-style stripes and stars representing the two main political parties.

    ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණය: ප්‍රධාන ප්‍රශ්න 7කට පිළිතුරු

    නොවැම්බර් 3 වන දා ඇමෙරිකානුවන් සිය කොංග්‍රස් සාමාජිකයින් තෝරා පත් කර ගැනීමට නියමිත ය. කොංග්‍රසය කොටස් දෙකකින් සමන්විත වන අතර, ඒවා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව ලෙස හැඳින්වේ. මැතිවරණ සෑම වසර දෙකකට වරක් පැවැත්වෙන අතර, ජනාධිපතිවරයාගේ වසර හතරක ධූර කාලය මැදදී සිදුවන මැතිවරණ හඳුන්වන්නේ 'මධ්‍යවාර මැතිවරණ' (midterms) ලෙස යි.

  • කුමාර් සංගක්කාර

    කුමාර් සංගක්කාර සහ Ryanair අතර සිදුවූයේ කුමක් ද? සංගක්කාර බීබීසී සිංහල වෙත අදහස් දක්වයි

    ඩබ්ලින් ගුවන් තොටුපොළේදී රයන්එයාර් (Ryanair) ගුවන් සේවයේ ගේට්ටු කාර්ය මණ්ඩලය තමන්ට සහ සිය පවුලේ සාමාජිකයින්ට "වෙනස් කොට සලකමින් තර්ජනාත්මක අයුරින්" හැසිරුණු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි. "ගොඩක් අය හිතන්නේ මම වීසා පෙන්නන්න බැහැ කියලා උමතුවෙන් හැසිරුණා කියලා. ඒක සම්පූර්ණ බොරුවක්. එහෙනම් මම හැම දා ම යන යන තැන වීසා පෙන්නන්න බැහැ කියන්න ඕනේ,"

  • රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ

    රඛිත සහ චරිත් ඇප මත මුදාහැරීමට එරෙහි වූ අල්ලස් නිලධාරිනියට මහාධිකරණ විනිසුරු දුන් පිළිතුර

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා එල්ල වී සිටින හරක් කටා හෙවත් නඳුන් චින්තක වික්‍රමරත්න නමැත්තාගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පත්කර සිටි රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තුන් දෙනෙකුට ඇප ලබා දීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද ප්‍රතිශෝධන පෙත්සම් විභාගය පෙබරවාරි මස 09 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේ ය.

  • ගෑස් මිල දී ගැනීමට ගාල්ල ප්‍රදේශයේ පෝලිමේ සිටින පිරිසක්

    ගෑස් සමාගම් තොග තිබෙන බව පැවසුවත් අලෙවිසල්වල ගෑස් හිඟයක් ඇයි?

    "වෙන දට දවස් දෙකෙන් දෙකට ගෑස් එනවා. ඒත් දැන් එහෙම නැහැ. දවස් ගණනාවකට පස්සේ ඊයේ (ඔක්: 28) දවල් ගෑස් ටිකක් ආවා. ආව ගෑස්වලින් කිලෝ 12.5 සිලින්ඩර් ටික නම් රෑ වෙද්දී ඉවර වුණා. දැන් අපි ළඟ තියෙන්නේ කිලෝ 5 ගෑස් සිලින්ඩර් 4ක් විතරයි. මේ ටිකත් කොයි වෙලාවේ ඉවර වෙයි ද කියලා කියන්න බැහැ,"

කෙටි වීඩියෝ මඟහරින්න සහ කරන්න

කෙටි වීඩියෝ

  • දික්කසාදය සැමරීමට උත්සවයක් පැවැත්වූ කාන්තාවක්
  • තරුණියක් නොපෙනී යන ආකාරය පෙනේ.
  • රෙදි සෝදන ස්ථානයකට කඩා වැදුණු මුවා
  • දියවෙමින් පවතින ග්ලැසියරයෙන් ගම්මානය බේරාගැනීමට ආශිර්වාද පූජාවන්
  • ලාල් කාන්ත ඇමතිවරයා උත්සවයක කතා කරයි.
  • පිරිසක් අතර තරුණියක් අත්දෙක ඔසවාගෙන සිටී.
  • ජනතාව විරෝධතාවක් කරන ආකාරය පෙනේ
  • ගොඩනැගිල්ලක් පිටුපසින් දූවිලි වළාවක් ඉහළට යන ආකාරය පෙනේ.
  • අනතුරට පත් වූ දුම්රියක් පීලි පන ඇති අයුරු පෙනේ .
  • තරුණියක් දුරකතන කුළුණක් මතට නැග ඇති අයුරු පෙනේ.
  • රජයක් හදන බව නෙතන්යාහු සහ අයිසන්කොට් දෙදෙනා ම පවසනවා
  • නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මාංචු දැමූ අත්දෙක ඔසවාගෙන සිටින අතර පොලිස් නිලධාරීන් ඔහුව පරික්ෂා කරන ආකාරය පෙනේ.

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

  • Elephant in Sri Lanka

    ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම: සංඛ්‍යා දත්ත ඇසුරෙන්

    කාලයත් සමග වන වැස්ම අඩු වීම, කැලෑ එළි කිරීම් නිසා සතුන්ගේ නිජ භූමි අහිමි වීම සහ ඒවායේ වගා කටයුතු සිදු කිරීම, අවිධිමත් සංවර්ධන කටයුතු, මෙම සතුන් ජීවත් වන ප්‍රදේශ ආශ්‍රිතව මහා මාර්ග සහ දුම්රිය මාර්ග ඉදි කිරීම වැනි විවිධ හේතු මෙම අලි මිනිස් ගැටුම ඉහළ යාමට බලපා තිබේ.

  • 2025 පෙබරවාරි 19 දින අලි රංචුවක් මීනගයා දුම්රියේ ගැටී සිදුවූ අනතුරින් තුවාල ලැබූ අලියෙකුට ප්‍රතිකාර කරන ආකාරය

    Elephant X: සිය අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයට ගිය ශ්‍රී ලංකාවේ අලියා

    2025 පෙබරවාරි 19 වන දා රාත්‍රියේ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ 'මීනගයා' දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් සිදුවූ එම අනතුරෙන් අලින් සහ කෙනෙරුන් 6 දෙනෙක් මිය ගියහ. නැවත මෙවැනි සිදුවීම් සිදුවීම් ඇති නොවීමට අදාළව ගත යුතු පියවර ගැනීම සම්බන්ධයෙන් නියෝගයක් ලබා ගැනීමේ අරමුණින් 'X' නැමති අලියෙකු අදාළ පෙත්සමේ දෙවන පෙත්සම්කරු බවට පත්කර තිබේ.

  • කොළඹ නගරයේ ඡායාරූපයකි

    ශ්‍රී ලංකා ආර්ථිකය වැදගත් කඩඉමක් පසුකරයි: මීළඟ පිබිදීමට ලෝක බැංකුව කර ඇති යෝජනා මොනවා ද?

    ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟා වෙමින්, සුවිශේෂී කඩඉමකට පැමිණ ඇතැයි, ලෝක බැංකුව පවසයි. ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන වාර්තාවට අනුව, මෙරට දළ දේශීය නිෂ්පාදිතය (GDP) මෙම වසරේදී 4.4% කින් වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මෙය මීට පෙර අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළ යාමකි.

  • බන්ධනාගාර රැඳවියන්ගේ ඇඳුම්

    සිර දඬුවම් ලැබූ ඥානසාර හිමිගේ සිවුර ඉවත් කළේ ඇයි? විවිධ රැඳවියන්ට හිමි ඇඳුම් මොනවා ද?

    අභියාචනාධිකරණය විසින් දෙන ලද තීන්දුවක් අනුව ඔක්තෝබර් 05 වන දා සිරගත කළ එහිමියන් ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් කළ බවට චෝදනා කරමින් ගොනු කර ඇති නඩුවක් සඳහා අද (ඔක්: 06) යළිත් අධිකරණය වෙත රැගෙන එන ලදී. සිර දඬුවම් ලබන ඥානසාර හිමි සුදු පැහැති අත් දිග කමිසයකින් සහ සුදු සරමකින් සැරසී අධිකරණය වෙත රැගෙන එනු දක්නට ලැබිණි.

  • කොළඹ වරාය

    ශ්‍රී ලංකාවේ ආයෝජනයට විදෙස් ආයෝජකයන් 'තවමත් බය' ඇයි? ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හෙළි කරන හේතු

    2025 වසරේදී ශ්‍රී ලංකාවට ලැබුණු ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.06ක් වූ අතර, එය දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 1කට ආසන්න ප්‍රමාණයක් වන අතර මෙය නැගී එන ආර්ථික තුළ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන සියයට 3 සිට 4 දක්වා මට්ටමට වඩා සැලකිය යුතු ලෙස අවම අගයක් ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ශ්‍රී ලංකාව සඳහා ආයෝජන වාතාවරණය පිළිබඳ වාර්තාවේ සඳහන් කර ඇත.

ජනප්‍රිය ලිපි